News

ශුද්ධ වූ ජුසේවාස් මුන්ඳුන්ගේ වාර්ෂික මංගල්‍ය

2020-01-26

කුරුණෑගල මහගල්ගමුව ශුද්ධ වූ ජුසේවාස් ජාතික සිද්ධස්ථානයේ 32 වෙනි වාර්ෂික මංගල්‍යය ජනවාරි 15 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූවා. කුරුණෑගල පදවි එඬේරාණන් වන අතිඋතුම් හැරල්ඞ් ඇන්තනි පෙරේරා රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේගේ ඇරයුමෙන් පැමිණි රත්නපුර පදවි එඬේරාණන් වන අතිඋතුම් ක්ලීටස් පෙරේරා රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මෙම මංගල්‍යය පැවැත්වුනා.