News

බුද්ධයාය ග‍්‍රාමයේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට

2019-10-13

ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බුද්ධයාය ග‍්‍රාමයේ සමස්ථ ප‍්‍රජාවගේ ඉල්ලීමකට අනුව ගැළවීමේ හමුදා පොලොන්නරුව කාර්යාලය මඟින් දියත් කරන ලද 16 වන පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය පසුගිය සැප්තැම්බර් 28 වන දින පැවැත්වූවා.ශ‍්‍රී ලංකා ගැළවීමේ හමුදාවේ ව්‍යාපෘතිභාර නිළධාරිණී කැප්ටන් රොෂෙල් මොෆට් තුමිය මෙහිදී පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කළා.