News

හොරගස්මුල්ල මෙතොදිස්ත සභාවට වසර 158

2019-10-06

ශ‍්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ හිටපු මහනායක අතිගරු නොයෙල් ප‍්‍රනාන්ඳු රදගුරුතුුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවුලපිටියෙ හොරගස්මුල්ල මෙතොදිස්ත සභාවේ 158 වන සංවත්සර දේව මෙහෙය පැවැත්වූවා. ඒ සැප්තැම්බර් 29 වනදා. දෙවිඳුන් ස්තුති දීමේ විශේෂ දේවමෙහෙයක් වූ මීට සමඟාමීව දිවුලපිටිය ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් ගම්මැද්දේ ආශිර්වාද දේව මෙහෙයක් සැප්තැම්බර් 28 වනදා පවත්වන ලැබූවා.ගරු නදීර ප‍්‍රනාන්ඳු දේවගැතිතුමාගේ අධීක්ෂණයෙන් පැවති වර්ථමානයේ පවතින ගොඩනැගගිල්ලට වසර 108ක් සපිරෙන මොහෙතේ නව දහම් පාසැල් ගොඩනැගිල්ලටද මුල් ගල තැබුවා.