News

අම්පාරේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමක්

2019-10-06

සැප්තැම්බර් 13 වන දින පැවති මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ ජා ඇල දඬුගම ශුද්ධ වූ මාර්ක්තුමාගේ දේවස්ථානයේ කුඩහකපොල කොට්ඨාශ යාච්ඤා කණ්ඩායමයි. මෙහිදී දරුවන්ට අවශ්‍ය කරන පොත පත වගේම අවට ජනතාවට අවශ්‍ය කරන මදුරුදැල් සහ විදුලිපන්දම් බෙදා දුන්නා.

ගරු හැරල්ඞ් ශී‍්‍රදරන් පෝල් පියතුමාගේ අනුශාසකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායකත්වය නෙවිල් පෙරේරා සහෝදරතුමා. මෙම වැඩසටහනට ගරු දමිත ධර්මකීර්ති පියතුමා මෙන්ම, පි‍්‍රන්ස් නිලූෂාන් සහේදරතුුමාගේ ද දායකත්වය ලැබී තිබුනා.