News

කිතු දරුවන් වෙනුවෙන් නිෂ්චල නාට්‍ය පිලිබද වැඩමුලුව

2019-02-03

ඉදිබැද්ද කණිෂ්ඨ වෙස්ලි සමාජය යනු දරුවන් වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනු ලබන කිතුණූ සමාජයක් වේ. නිරන්තරයෙන් දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කරනු ලබන් මොවුන් විසින් පසුගියදා සබත් පාසල් දරුවන් වෙනුවෙන් නිෂ්චල නාට්‍ය වැඩමුලූවක් පවත්වනු ලැබු බවට වාර්ථා වේ. දරුවන් අතර නාට්‍ය කුසලතාවයන් වර්ධනය කිරීමත් කිතුනු නාට්‍ය සම්ප‍්‍රදායන් දරුවන් අතර ප‍්‍රචලිත කිරීමත් අරමුණූ කරගනිමින් සිදුකරනු ලැබු මෙම වැඩමුලූව ඉදිබැද්ද කණිෂ්ඨ වෙස්ලි සමාජයේ ප‍්‍රසන්න ශාඛාව විසින් වේ. මෙම ඉදිබැද්ද කණිෂ්ඨ වෙස්ලි සමාජයේ නමස්කාර ශාඛාව- සේවා ශාඛාව -සංස්කෘතික ශාඛාව හා ප‍්‍රසන්න ශාඛාව ලෙස ශාඛා වලට බෙදී පවතී. මින් ප‍්‍රසන්න ශාඛාව විසින් මෙමන් වු වැඩමුලූ සංවිධානය කරනු ලබයි. මෙහිදී දරුවන් වෙනුවෙන් නිෂ්චල නාට්‍ය පිලිබද දැනුවත් කිරීමට පසන් ප‍්‍රනාන්දු හා නිලංග ප‍්‍රනාන්දු සහභාගි වී ඇති අතර ඔවුන් දෙදෙනා අත්දැකීම් බහුල වේදිකා නාට්‍ය ශිල්පීන් දෙදෙනෙකු වේ. මොවුන් විසින් දරුවන් වෙත මෙම නිෂ්චල නාට්‍ය පිලිබදව මනා ලෙස පුහුණූව ලබා දුන් බවත් ඔවුන් වෙත ප‍්‍රායෝගිකව කිතුණූ නාට්‍යයක් රග දැක්වීම පිලිබදව මෙහිදී සිදුකරනු ලැබු බවටද වැඩසටහනේ සංවිධායකයින් පවසයි.
මෙහිදී ඔවුන් විසින් කානාහි සරණ මංගල්‍යය නාට්‍ය රග දැක්වා එය දරුවන් යොදා ගනිමින්       ප‍්‍රායෝගිකව රග දැක්වීමද සිදුකරන ලදී. ඉදිබැද්ද කණිෂ්ඨ වෙස්ලි සමාජය විසින් සිදුකරනු ලැබු මෙම වැඩමුලූව සැබැවින්ම දරුවන් වෙත මහත් ආශීර්වාදයක් වු වැඩසටහනක් ලෙස මෙය සැලකිය හැකි බවට වැඩසටහන සංවිධායකයින් පවසයි.