News

කදාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 2019 මංගල්‍යය

2019-02-03

කදාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේවස්ථානය යනු කදාන ප‍්‍රදේශයට මහත් ආශීර්වාදයක් වු කිතුණු දේවස්ථානයක් වේ. පසුගියදා කදාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 151 වන වාර්ෂික මංගල්‍ය උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට වුනා. මෙවර එහි ප‍්‍රධාන ආරාධීත අමුත්තා ලෙස කොළඹ රදගුරු අති උතුම් මැක්ස්වල් සිල්වා පියතුමන්ගේ සහභාගීත්වය යටතේ පවත්වන්නට වු අතර විශාල ප‍්‍රභුන් පිරිසක්ද මේ සදහා සහභාගි වු බවට වාර්ථා විය. මෙම අවස්ථාව වෙනුවෙන් විශාල භක්තිවන්තයින් පිරිසක්ද සහභාගි වු බවට වාර්ථා වේ. විවිධ වුත් වෛවර්ණ මාර්ග සැරසිලි හා තොරණ දේවස්ථාන භූමියේ හා ආසන්න මාර්ගයන්හි දැක ගැනීමට හැකි බවට වාර්ථා වන අතර රාති‍්‍රයේ විශේෂ පෙරහැරක් හා මල්වෙඩි සංදර්ශනයක්ද පැවති බවට වාර්ථා වේ.