News

ගංවතුරින් අනාථවුවන් නගා සිටුවීමට කිතුණු සහය

2019-02-03

උතුරු ප‍්‍රදේශයට පසුගිය කාලය තුල ඇදහැලූනු අධීක වර්ෂාව හේතුවෙන් මේ වන විට 75000කට පමණ ආසන්න පිරිසක් විපතට පත් වී ඇති බවට වාර්ථා වේ. මේ වන විට වර්ෂාව ඇදහැලූනු     ප‍්‍රදේශයන් වන මුලතිව් කිිලිනොච්චි-මන්නාරම- වව්නියාව හා යාපනය යන දිස්ති‍්‍රක්කයන්හි ජනතාව විපතට පත් වී තිබේ. මින් වව්නියාව හා යාපනය යන දිස්ති‍්‍රක්කයන්හී පමණක් පවුල් 23054කට අයත් 73851 දෙනෙකු පීඩාවට පත් වී ඇති බවට වාර්ථා වේ. මේ වන විට ඔවුන් අතරින් පවුල් 3698කට අයත් 11310ක පිරිසක් සුභසාදන කදවුරු 39ක රදවා තැබු අතර මේ වන විට ඔවුන් නැවතත් සුපුරුදු වාසස්ථාන වෙත යොමු කර තිබේ. මේ පිරිස වෙනුවෙන් මුදා ගැනීම් හා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් ශී‍්‍ර ලංකා යුධ හමුදාව ඉතා ප‍්‍රශංසනීය සේවයක් ඉටු කරනු ලැබු බවටද වාර්ථා වේ. මෙම පිරිස් වෙත සහන සැලසීමටද විවිධ පිරිස් කටයුතු සිදුකල බවටද වාර්ථා වේ. ඒ අනුව යමින් මෝදර මිස්ෆා දේවස්ථානයේ සංවිධාන ශක්තිය යටතේ දේවගැති ජේම් සාරංගපානිගේ මුලිකත්වයෙන් වියලි ආහාර ද්‍රව්‍ය ආධාර වශයෙන් බෙදා හැරීමේ වැඩ පිලිවලක් සිදුකර තිබේ. මෙය හෝප් හෑ්න්ඞ් නමින් හදුන්වනු ලබන අතර මේ සදහා මිස්ෆා දේවස්ථානය මෝදර- අපෝස්තලික දේවස්ථානය මෝදර - ගෙත්සමනි දේවස්ථය මෝදර - තමිල්නාඩු සභාවක් හා තවත් සභාවන් මේ සදහා සහයෝගිතාවය යටතේ සිදුකරනු ලැබු බවට වාර්ථා වේ. මෙහි දෙවන අදියර පසුගියදා මෝදර මිස්පා දේවස්ථානයේ මැදිහත් වීම යටතේ සිදුකරනු ලැබු බවට වාර්ථා වේ. මේ වන මෙම ජනතාවගේ ජීවන තත්වය යථා තත්වයට පත් කරීම සදහා අවශ්‍ය වියලි ආහාර හා ගෘහාශී‍්‍රත භාණ්ඩ බෙදා දීම මෙවර සිදුකර තිබේ. මෙවර මුලතිව් ප‍්‍රදේශයේ නාවක්කාඩි නම් ගම් වෙත මෙම ආධාර ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවක නිලධාරීන්ගේ අනුදැනුම යටතේ බෙදා දීම සිදුකර ඇත. පොදුවේ සියලූම ජනයා වෙත මෙම භාණ්ඩ ලබා දුන් බවට වාර්ථා වන අතර අසරණ ජනයා නැවත නගා සිටුවීමට මෙය මහත් රැුකුලක් වනු ඇති බවට සංවිධායකයින් පවසයි.